ලොව ප්‍රචලිත සුඛෝපබෝගී මෝටර් රථ නිෂ්පාදකයින්වන BMW සහ Audi අතර පවතින්නේ දැඩි තරඟයකි. වර්ෂ 2006 දී පමණ මොවුන් තම තරඟය සඳහා නිර්මානාත්මක වෙළෙඳ දැන්වීම කලාව උපයෝගීකරගත් ආකාරය පිලිබඳව තමයි අද මෙම බ්ලොග් අඩවියේ පළමු ලිපිය වෙන්වන්නේ.
>> 2006 වසරේදී පැවති නිව්යෝර්ක් අන්තර්ජාතික මෝටර්රථ ප්‍රදර්ශනයේ දී BMW සමාගම විසින් "World Car Of The Year" සම්මානය ලබා ගැනීමත් සමග මෙම වෙළෙඳ දැන්වීම් සටන ආරම්භවිය.

>> නමුත් ඉන්පසුව BMW සමාගම නොසිතු අන්දමට Audi සමාගම විසින් නිර්මනාත්මකව ප්‍රතිප්‍රහාරයක් එල්ලකරනු ලබයි
Audi සමාගම 2000-2006 වසර දක්වා ප්‍රංශයේ Le Mans හි පැවති ලොවප්‍රකට පැය 24ක ධාවන කාලයක් සහිත තරඟාවලිය ජයග්‍රහණය නොකඩවා ජයග්‍රහණය කිරීම තම වෙළඳ දැන්වීමේ අන්තර්ගතයට යොදාගන්නා ලදී. මෙම තරඟය ජයග්‍රහණය කරනු ලබන්නේ පැය 24 ක් තුල වැඩිම වටප්‍රමාණයක් නිමාකල මෝටර් රථයයි. (A competition aimed to measure the Endurance and speed of the Car as well as the Driver).
>> ඉහත දැන්වීමෙන් අනතුරුව BMW සහ Audi අතර ඇතිව තිබු ද්වන්ධ සටන අවස්ථාවක් කරගනිමින් තවත් පාර්ශවයක් එක්විය. ඒ ජාපනයේ තම මුලස්ථානය පිහිටි Subaru සමාගමයි.

>> Bentley සමාගමෙන් මෙම වෙළෙඳ දැන්වීම් සටන අවසන් කරනුයේ එම සමාගමේ සභාපතිතුමා විසින් හාස්‍යදනවන ලීලාවෙන් පෙනීසිටින දැන්වීමක් පළකිරීම මගිනි.
* තම ප්‍රතිවාදී තරඟකරුගේ නාමය යොදාගනිමින් වෙළඳ ප්‍රචාරණය comparative advertising ලෙසද හැදින්විය හැකිය. සමහර රටවල යම්කිසි නිතිරිතින්ට යටත්ව මෙම ක්‍රමය යොදාගෙන පාරිභෝගිකයාව දැනුවත් කලහැකිය.
* තවසමහරෙක් මෙම වෙළෙඳ දැන්වීම් හුදෙක් මෝටර් රථ රසිකයින්ගේ නිර්මාණ බවත් (විශේෂයෙන් Subaru සහ Bentley දැන්වීම්), තවත් සමහරෙක් මේවා නිල නොවන ලෙස ඉහත සමාගම් විසින් පලකරන ලද ඒවා බවත් පවසයි. කෙසේ නුමුදු මෙම ප්‍රචාරණ දැන්වීම් වල ඇති නිර්මනාත්මකබව නිසාම තවමත් මෝටර්රථ රසිකයින් මෙන්ම වෙළඳප්‍රවර්ධන කටයුතු කරන්නන් අතර කතාබහට ලක්වන බවනම් නොඅනුමානය.
Good one! Wish to read more articles. Keep it up!
ReplyDeleteThank you very much for encouraging us. Check Out the latest Article regarding America's Wealthiest Family - http://vanijalk.blogspot.com/2014/09/blog-post.html
DeleteCasino | MapyRO
ReplyDeleteHotel near Casino, Oklahoma. 춘천 출장샵 Casino map. Casino. 3 km from 하남 출장샵 River Rock Casino, Oklahoma. 3.5 km 서산 출장샵 from Highway 15. 3 km from Casino at Highway 15. 안산 출장마사지 3 km from 경주 출장샵