Social Icons

Thursday, September 18, 2014

ලොව ප්‍රකට වෙළඳ සන්නාමවල නම් හැදුන හැටි


මෙම ලිපිය වෙන්වන්නේ  ලොව ප්‍රකට වෙළඳ සන්නාම (Brands) කිහිපයක නම් සෑදුනු ආකාරය පිළිබඳවයි. මෙවැනි නම් බොහෝ විටක එම සන්නම් නාමය අයත් ව්‍යාපාරයේ පුරෝගාමීවරයාගෙ නම හෝ එම නාමය යෙදෙන නිෂ්පාදිතයේ විශේෂතාවක් මත පදනම්ව බිහිවී ඇත.



Adobe - මෙම සමාගමේ සම පුරෝගමියෙකු වූ John Warnock තමා ජිවත් වූ Los Altos ප්‍රදේශයෙහි පිහිටි ඇඩෝබි නමින් වූ  කුඩා ගඟේ නාමය තම ව්‍යාපාරයේ නාමයට යොදා ගන්න ලදී.

Amazon - Jeff Bezos විසින් ආරම්භ කරන ලද තම ව්‍යාපාරයට මුල් කාලයේදී Cadabra යන නාමය යොදාගත් නුමුදු පසුව ඉංග්‍රීසි හෝඩියේ අකාරාදී පිළිවෙලට පෙළගැස්වූ විට 'A' අකුරට  ලැබෙන වාසිය හා විශාලත්වයෙන් පළමු ස්ථානයේ වැජබෙන ඇමසන් ගඟ හේතුකොටගෙන Amazon යන නාමය යොදාගැනීමට තීරණය කරන ලදී. 



Coca Cola - මුල් කාලයේ Coca Cola  නිෂ්පාදනයට Coca ශාකයේ පත්‍ර යොදාගැනීමත් සහ Kola ශාකයේ  ඇට යොදාගැනීමත් නිසා මේ නාමය බිහිවී ඇත. 

Google - 10100  යන අගයේ ගණිතමය නාමය වන 'Googol' යන වචනයෙන් බිඳී ආවකි. මෙමගින් ගුගල් සෙවුම් යන්ත්‍රය මගින් විශාල තොරතුරු ප්‍රමාණයක් සෙවුම් කළහැකි බව අදහස් කෙරේ.

Intel - Integrated Electronics යන්න කෙටි කර බිහිවුවකි. 

IKEA - ලොව ප්‍රචලිත ගෘහ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් වන මෙහි I සහ K අකුරු ද්විත්වය එහි නිර්මාතෘවරගේ නම වන Ingvar Kamprad  නමෙහි කොටස් දෙකේ මුල් අකුරු අසුරින් වන අතර E අකුර ඔහු හැදු වැඩුණු ගොවිපලේ නමේ ( Elmtaryd) මුල් අකුරයි. K අකුර ඔහුගේ මුල්ගම වන Agunnaryd නියෝජනය කරයි.


KODAK- නිර්මාතෘවන George Eastman ගේ ප්‍රියතම අකුර 'K' වන අතර ඔහු එම අකුර යොදාගෙන 
නාමයන් නිර්මාණය කර අවසානයේ තෝරාගත් නාමයයි.


NIKE  යනු විජයග්‍රහණ සංකේත කරන ග්‍රීක දේවතාවියගේ නාමයයි.

Pepsi - පෙප්සින් යන ආහාර දිරවීමට යොදාගන්න එන්සයිමයක් ආශ්‍රයෙන් සැදුනු නමකි. නිෂ්පාදිතයේ  මුල් කාලයේ පෙප්සි ආහාර දිරවීමට යොදාගත හැකි බිමක් වශයෙන් වෙළඳපලට ඉදිරිපත් කිරීම ඊට හේතුවයි.

Samsung - කොරියානු භාෂාවෙන් 'සැම්' යනු 3 වන අතර 'සුන්' යනු තරුව වේ. එමගින් බලවත් යන්නත් සදාකාලික යන්නත් අදහස් කරන බව පැවසේ.
Toyota - මෙම සමාගමේ නිර්මාතෘ වරයාගේ නම Toyoda  යන්න මුල් කාලයේ  භාවිතා කරත්, ශබ්ද කිරිමේ පහසුව සහ , එම වචනය ජපන් කතකන අකුරු යොදාගෙන පින්සල් පහර 8 කින් ලිවිය හැකි වීම වාසනාව ගෙන දෙන්නක් බව ඇති විශ්වාසය නිසා Toyota යන්න භාවිතාවට ගෙන ඇත. 

Vodafone - Voice, Data, Telephone යන වචන කිහිපය ආශ්‍රයෙන් සෑදුනකි. 

Volkswagen - ජර්මානු භාෂාවෙන් මෙහි තේරුම ජනතාවගේ මෝටර් රථය යන්නයි.

*Ferrari, Ford, Porsche,Chrysler,Chevrolet,Lamborghini ආදී නම් ඒවාගේ මුලාරම්භාකයින්ගේ නම් වේ.


අපේ  රටේ වෙළඳ සන්නාම කිහිපයක  තොරතුරු.




ODEL - ඔඩෙල් හි නිර්මාතෘවරිය වන  Otara Del Gunewardene ගේ නම ඇසුරින් බිහිවුවකි. MODEL යන වචනයටත් සමීප බවක් ඇති නිසා එම නම යොදාගෙන ඇතැයි සිතිය හැකිය.
 
Aitken Spence -  19 වන සියවසේ ලංකාවේ ජිවත් වූ බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙකු වූ  Patrick Spence හා Edward Aitken යන අය සහ ඔවුන්ගේ පවුලේ උදවිය මෙම ව්‍යාපාරයේ මුල් පුරෝගාමීන් වූ අතර ඔවුන් මෙම Aitken Spence නම තම ව්‍යාපාරයට යොදාගෙන ඇත.

John keells, Cargills, Hayleys යන සමාගම් ද 19 වන සියවසේ දී ආරම්භ වූ ව්‍යාපාර වන අතර ඔවුන් තම  සන්නාම නාමයන් සඳහා තම මුල් පුරෝගාමීන්ගේ නම් අදටත් මෙලෙස භාවිත කරයි.

Dilmah - මේරිල් ප්‍රනාන්දු විසින් තමා ආරම්භ කරන ලද  ව්‍යාපාරයට තම පුතුණුවන් දෙදෙනාගේ නම් වන Dilhan සහ Malik යන නම් භාවිතයෙන් සැදුනු නාමය මෙලෙස යොදාගෙන ඇත.



අන්තර්ජාලය ඇසුරිනි...

No comments:

Post a Comment

 
 
Blogger Templates