- Deloitte Touche Tohmatsu - $32.4bn
- PriceWaterhouseCoopers - $32.1bn
- Ernst & Young - $25.8 bn
- KPMG - $23.4 bn
නමුත් බොහෝදුරට මොවුන්ගේ ප්‍රධාන ව්‍යාපාර කටයුත්ත වන්නේ බාහිර විගණනය (External/Financial Audit) සිදුකිරිමයි.බාහිර විගණනය හෙවත් මුල්‍ය වාර්තා විගණනය මගින් අරමුණු කරන්නේ ව්‍යාපාරයක් විසින් මුල්‍ය වර්ෂයක් අවසානයේ පිලියල කරඇති මුල්‍ය වාර්තා ගිණුම්කරණ ප්‍රමිත හා ව්‍යාපාරයට ආදලවන නිතිරිතින්ට අනුව පිලියල කිරීමක් කර ඇත්දැයි සහ එම වාර්තා මගින් සාධාරණ හා සත්‍ය ඉදිරිපත් කිරීමක් සිදුකර ඇත්දැයි සහ යන්න පිළිබඳව ස්වාධින මතයක් ලබාදීමයි.
ලෝකයේ බොහෝරටවල පවතින නිතියන්ට අනුව විගණන සේවා සපයන ආයතන ස්වාධින හා දේශීය හිමිකාරත්වයක් සහිත ආයතන විය යුතුය. එම නිසා මෙම අන්තර්ජාතික ආයතන ජාලවලට සෘජුව කිසියම් රටක තම විගණන සේවා සැපයිය නොහැකිය.
උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු සිදුකරන්නේ කරන්නේ ඔවුන්ගේ සන්නාම නාමය, ව්‍යාපාර මොඩලයට හා ප්‍රමිතීන් වලට අනුව කටුයුතු කරන හවුල් ව්‍යාපාර වශයෙන් ලියාපදිංචි වූ ආයතන විසිනි. ඒවායේ හවුල්කරුවන් (Partners) ලෙස කටයුතු කරනුයේ දේශීය වරලත් ගණකාධිකාරී ආයතනයේ පරියචන සහතිකය ලැබූ සාමාජිකයින්ය.
*Deloitte හැරෙන්නට අනෙකුත් ආයතනජාල 3 (KPMG, PwC, E&Y) සඳහාම ශ්‍රී ලංකාවේ තම සන්නාම නාමයෙන් ව්‍යාපාර කටයුතු කරන තම සාමාජික ආයතන (Member Firms) ඇත. නමුත් Deloitte හි මෙරට කටයුතු සිදුකරනුයේ SJMS Associates ආයතනයයි (SJMS Operates As an Independent Correspondent Firm Of Deloitte).
මෙම ලිපියේ මීළඟ කොටස වෙන්වන්නේ මෙම ආයතනජාල 4 පිළිබඳව සංක්ෂිප්ත හැඳින්වීම සඳහායි.
1. Deloitte Touche Tohmatsu
- ආරම්භය - 1948දී Touche ආයතනය ඇමරිකාවේ ආරම්භ වේ. එය ජපානයේ Tohmatsu Aoki & Co සමග 1968 දී එකාබද්ධවේ. ඉන්පසුව ඔවුන් එංගලන්තයේ 1845 ආරම්භවූ Deloitte සමග 1989 වර්ෂයේදී ඒකාබද්ධ වේ.
- මුලස්ථානය - නිව්යෝක් නගරය
- සේවය කරන වෘත්තිකයින් සංඛයාව - 200,000
2. PriceWaterhouseCoopers

- ආරම්භය - 1854 දී පමණ Cooper ආයතනය ආරම්භවන අතර පසුව විවිධ ආයතන සමග එකාබද්ධවේ.
අවසාන වශයෙන් Pricewaterhouse සමග 1998 දී ඒකාබද්ධවී ඇත. - මුලස්ථානය - ලන්ඩන් නුවර සහ නිව්යෝක් නුවර
- සේවය කරන වෘත්තිකයින් සංඛයාව - 184,000
3.Ernst and Young
- ආරම්භය - මුලාරම්භය 1849 දක්වා දිවයයි. 1989 Ernst & Whinney සමග Arthur Young ඒකාබද්ද වේ.
- මුලස්ථානය - ලන්ඩන් නුවර
- සේවය කරන වෘත්තිකයින් සංඛයාව - 175,000
4.KPMG
- ආරම්භය - මුලාරම්භය 1870 දක්වා දිවයයි.විවිධ ව්‍යාපාර බද්ධ වීමෙන් පසුව 1987 දී සිදුවන Peat Marwick International සහ Klynveld Main Goerdeler අතර ඒකාබද්ද වීමෙන් KPMG යන නාමය ඇතිවේ.
- මුලස්ථානය - නෙදර්ලන්තය
- සේවය කරන වෘත්තිකයින් සංඛයාව - 155,000
- මෙහි එක් ආයතන ජාලයක් ගතහොත් අවම වශයෙන් රටවල් 140 ක පමණ ක්‍රියාත්මක වේ. කෙසේනුමුදු 1970 දී පමණ මෙවැනි දැවැන්ත වෘත්තිය සේවා සපයන ආයතන ජාල 8 ක් පමණ ලෝකයේ තිබී ඇති නමුත් ඔවුනොවුන් අතර ඇතිවූ ව්‍යාපාර බද්ධවීම් (Mergers) නිසා එය 5 දක්වා අඩුවී ඇත.
- 2002 දී Enron යන ඇමරිකානු බලශක්ති හා සම්බන්ධ සමාගම වංචනික ලෙස ගිණුම්කරණ හිඩැස්තුලින් රිංගාගොස් ඉදිරිපත් කල මුල්‍ය ප්‍රකාශ කිරීම හා ඒවායේ වචන්කික භාවය ඔප්පුවිමත් සමග එකල එහි විගණන කටයුතු සිදුකල දැවැන්ත විගණන ආයතනයක් වූ Arthur Andersen බිඳවැටිණි. කෙසේ හෝ දැන් ඇත්තේ දැවැන්තයන් 4 දෙනෙකු විසින් පාලනය කරන කතිපයධිකාරි වෙළෙඳපලකි.
* දැනට ශ්‍රී ලංකාවේ Audit Trainee (External)කෙනෙකුගේ මාසික වේතනය ආරම්භයේ දී බොහෝවිට රු.4,500 ක් වන අතර එය කනගාටුවට කරුණකි.
Picture Credit - Econmia, Google and Wikipedia
No comments:
Post a Comment