Social Icons

Thursday, September 18, 2014

ලොව ප්‍රකට වෙළඳ සන්නාමවල නම් හැදුන හැටි


මෙම ලිපිය වෙන්වන්නේ  ලොව ප්‍රකට වෙළඳ සන්නාම (Brands) කිහිපයක නම් සෑදුනු ආකාරය පිළිබඳවයි. මෙවැනි නම් බොහෝ විටක එම සන්නම් නාමය අයත් ව්‍යාපාරයේ පුරෝගාමීවරයාගෙ නම හෝ එම නාමය යෙදෙන නිෂ්පාදිතයේ විශේෂතාවක් මත පදනම්ව බිහිවී ඇත.



Adobe - මෙම සමාගමේ සම පුරෝගමියෙකු වූ John Warnock තමා ජිවත් වූ Los Altos ප්‍රදේශයෙහි පිහිටි ඇඩෝබි නමින් වූ  කුඩා ගඟේ නාමය තම ව්‍යාපාරයේ නාමයට යොදා ගන්න ලදී.

Amazon - Jeff Bezos විසින් ආරම්භ කරන ලද තම ව්‍යාපාරයට මුල් කාලයේදී Cadabra යන නාමය යොදාගත් නුමුදු පසුව ඉංග්‍රීසි හෝඩියේ අකාරාදී පිළිවෙලට පෙළගැස්වූ විට 'A' අකුරට  ලැබෙන වාසිය හා විශාලත්වයෙන් පළමු ස්ථානයේ වැජබෙන ඇමසන් ගඟ හේතුකොටගෙන Amazon යන නාමය යොදාගැනීමට තීරණය කරන ලදී. 

Saturday, September 13, 2014

විගණන ක්ෂේත්‍රයේ දැවැන්තයින් සිව්දෙනා (Big 4 Audit Firms)


විගණන ක්ෂේත්‍රයේ දැවැන්තයෝ සිව්දෙනා යනු වර්තමාන ලෝකයේ විගණනය ඇතුළු ව්‍යාපාර වෘත්තීය සේවා සපයනු ලබන ලොව ප්‍රමුඛ පෙළ ආයතනජාල  4 යි. මෙම ආයතන 2013 වර්ෂයේ ලැබූ ආදායම පහත පරිදිය.
  1. Deloitte Touche Tohmatsu - $32.4bn
  2. PriceWaterhouseCoopers - $32.1bn
  3. Ernst & Young - $25.8 bn
  4. KPMG - $23.4 bn

මෙම ආයතනජාලයන් සතර ලොවපුරා විසිරි සිටින තම සාමාජික ආයතන (Member Firms) මගින් බාහිර/අභ්‍යන්තර විගණන කටයුතු, බදු හා ව්‍යාපාර උපදේශන සේවා, ව්‍යාපාර කටයුතු බාහිරකරණ සේවා (Business Process Outsourcing), ව්‍යාපාර අවදානම් කළමනාකරණය ආදී සේවා රැසක් සිදු කරයි. 

නමුත් බොහෝදුරට මොවුන්ගේ ප්‍රධාන ව්‍යාපාර කටයුත්ත වන්නේ බාහිර විගණනය (External/Financial Audit) සිදුකිරිමයි.බාහිර විගණනය හෙවත් මුල්‍ය වාර්තා විගණනය මගින් අරමුණු කරන්නේ ව්‍යාපාරයක් විසින් මුල්‍ය වර්ෂයක් අවසානයේ පිලියල කරඇති මුල්‍ය වාර්තා ගිණුම්කරණ ප්‍රමිත හා ව්‍යාපාරයට ආදලවන නිතිරිතින්ට අනුව පිලියල කිරීමක් කර ඇත්දැයි සහ එම වාර්තා මගින් සාධාරණ හා සත්‍ය ඉදිරිපත් කිරීමක් සිදුකර ඇත්දැයි සහ  යන්න පිළිබඳව ස්වාධින මතයක් ලබාදීමයි.

ලෝකයේ  බොහෝරටවල පවතින නිතියන්ට අනුව විගණන සේවා සපයන ආයතන ස්වාධින හා දේශීය හිමිකාරත්වයක් සහිත ආයතන විය යුතුය. එම නිසා මෙම අන්තර්ජාතික ආයතන ජාලවලට සෘජුව කිසියම් රටක තම විගණන සේවා සැපයිය නොහැකිය.
උදාහරණයක් ලෙස  ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු සිදුකරන්නේ කරන්නේ  ඔවුන්ගේ සන්නාම නාමය, ව්‍යාපාර මොඩලයට හා ප්‍රමිතීන් වලට අනුව කටුයුතු කරන හවුල් ව්‍යාපාර වශයෙන් ලියාපදිංචි වූ ආයතන විසිනි.  ඒවායේ හවුල්කරුවන් (Partners) ලෙස කටයුතු කරනුයේ දේශීය වරලත් ගණකාධිකාරී ආයතනයේ පරියචන සහතිකය ලැබූ සාමාජිකයින්ය.

*Deloitte හැරෙන්නට අනෙකුත් ආයතනජාල 3 (KPMG, PwC, E&Y) සඳහාම ශ්‍රී ලංකාවේ තම සන්නාම නාමයෙන්  ව්‍යාපාර කටයුතු කරන තම සාමාජික ආයතන (Member Firms) ඇත. නමුත් Deloitte හි මෙරට කටයුතු සිදුකරනුයේ SJMS Associates ආයතනයයි (SJMS Operates As an Independent Correspondent Firm Of Deloitte).  

මෙම ලිපියේ මීළඟ කොටස වෙන්වන්නේ මෙම ආයතනජාල 4 පිළිබඳව සංක්ෂිප්ත හැඳින්වීම සඳහායි.

Tuesday, September 2, 2014

ඇමරිකාවේ ධනවත්ම පවුල



 මේ වසරේ ජුලි මාසයේ Forbes සඟරාව "America's Richest Families" යන තේමාව යටතේ පලකල ලිපියක් මගින් ඇමෙරිකා එකසත් ජනපදයේ ධනවත්ම පවුල ලෙස ශුද්ධ වත්කම් ඇ.ඩො. බිලියන 151.9කට හිමිකම් කියන Walton පවුල නම් කරන ලදී. (මෙහිදී පවුල යනුවෙන් අදහස් කරනුයේ සම්ප්‍රදායික න්‍යෂ්ටික පවුල නොවන බව සලකන්න :  බොහෝ දුරට ගතවුන ශතවර්ෂයේ ජිවත් වූ පොදු මුත්තාගෙන් හෝ පියාගෙන් පසු පැමිණෙන පරම්පරාව මෙහි පවුල ලෙස හැදින්වේ.).  

කෙසේ  නුමුදු ඔබට Walton යන නම එතරම් හුරුපුරුදු නැතිබවට සැකයක් නැත. නමුත් Walmart යන නමනම් ඔබට හුරුපුරුදු ඇති. ඔව්! අද මේ ලිපිය වෙන්වන්නේ ඇමෙරිකාවේ සුප්‍රසිද්ද Walmart සුපිරිවෙළඳසැල් ජාලයේ පුරෝගාමියා වූ සෑම් සහ ඔහුගේ සොහොයුරු බඩ්ගේ දරුවන් ගැනයි.  (සමහර මුලාශ්‍ර බඩ් හෙවත් ජේම්ස්ද පුරෝගාමියෙක් ලෙස නම් කලත් සමහරු ඔහු පසුව වොල්මර්ට් හා එක්වුන බව පවසයි).

ඔවුන්ගේ පවුල් ව්‍යුහය හා ඔවුන්ගේ වර්තමාන ශුද්ධ වත්කම් ප්‍රමාණය මෙසේය.
  • සෑම්ගේ දරුවන්
  • සෑම් වෝල්ටන් සහ ඔහුගේ බිරිය තම දරුවන්
    සිව් දෙනා සමග
    • ජිම්   $ බිලියන 35.3
    • ඇලිස්  $ බිලියන 34.9
    • සැමුවෙල් $ බිලියන 34.9
    • ජෝන්
      • ක්‍රිස්ටි (ජෝන්ගේ වැන්දඹුව) $ බිලියන 37.7

  • බඩ්ගේ දරුවන්
    • ඈන් $ බිලියන 4.9
    • නැන්සි $ බිලියන 4.2

 
 
Blogger Templates