Social Icons

Tuesday, September 2, 2014

ඇමරිකාවේ ධනවත්ම පවුල



 මේ වසරේ ජුලි මාසයේ Forbes සඟරාව "America's Richest Families" යන තේමාව යටතේ පලකල ලිපියක් මගින් ඇමෙරිකා එකසත් ජනපදයේ ධනවත්ම පවුල ලෙස ශුද්ධ වත්කම් ඇ.ඩො. බිලියන 151.9කට හිමිකම් කියන Walton පවුල නම් කරන ලදී. (මෙහිදී පවුල යනුවෙන් අදහස් කරනුයේ සම්ප්‍රදායික න්‍යෂ්ටික පවුල නොවන බව සලකන්න :  බොහෝ දුරට ගතවුන ශතවර්ෂයේ ජිවත් වූ පොදු මුත්තාගෙන් හෝ පියාගෙන් පසු පැමිණෙන පරම්පරාව මෙහි පවුල ලෙස හැදින්වේ.).  

කෙසේ  නුමුදු ඔබට Walton යන නම එතරම් හුරුපුරුදු නැතිබවට සැකයක් නැත. නමුත් Walmart යන නමනම් ඔබට හුරුපුරුදු ඇති. ඔව්! අද මේ ලිපිය වෙන්වන්නේ ඇමෙරිකාවේ සුප්‍රසිද්ද Walmart සුපිරිවෙළඳසැල් ජාලයේ පුරෝගාමියා වූ සෑම් සහ ඔහුගේ සොහොයුරු බඩ්ගේ දරුවන් ගැනයි.  (සමහර මුලාශ්‍ර බඩ් හෙවත් ජේම්ස්ද පුරෝගාමියෙක් ලෙස නම් කලත් සමහරු ඔහු පසුව වොල්මර්ට් හා එක්වුන බව පවසයි).

ඔවුන්ගේ පවුල් ව්‍යුහය හා ඔවුන්ගේ වර්තමාන ශුද්ධ වත්කම් ප්‍රමාණය මෙසේය.
  • සෑම්ගේ දරුවන්
  • සෑම් වෝල්ටන් සහ ඔහුගේ බිරිය තම දරුවන්
    සිව් දෙනා සමග
    • ජිම්   $ බිලියන 35.3
    • ඇලිස්  $ බිලියන 34.9
    • සැමුවෙල් $ බිලියන 34.9
    • ජෝන්
      • ක්‍රිස්ටි (ජෝන්ගේ වැන්දඹුව) $ බිලියන 37.7

  • බඩ්ගේ දරුවන්
    • ඈන් $ බිලියන 4.9
    • නැන්සි $ බිලියන 4.2




1949 තම ව්‍යාපාර කටයුතු ආරම්භ කරන සෑම් 1962 දී පළමු Walmart වෙළඳසැල ඇමරිකාවේ ආකන්සා(ස්) ප්‍රදේශයේදී ආරම්භ කරයි. ඉක්බිතිව සෑම් විසින් 1969 වර්ෂයේදී තම සුපිරි වෙළෙඳසැල් ව්‍යාපාරය Wal-Mart stores Inc. යනුවෙන් සමාගමක් ලෙස සංස්ථාපිත කරයි. දැනට රටවල් 26 ක තම මෙහෙයුම් කටයුතු කරන Walmart සමාගම මිලියන 2 ක ට ආසන්න රැකියා ප්‍රමාණයක් උත්පාදනය කර ඇත.
සෑම් 1992 දීද, ජේම්ස් 1995 දීද මෙලොවින් සමුගන්නා  අතර  අද වනවිට  මෙම සමාගමහි කොටස්වලින් 50.9% ක අයිතිය ඇත්තේ ඔවුන් දෙදෙනාගේ දරුවන් සතුවයි.

Walmart වෙළඳසැලක් ඉදිරිපස සහ ඇතුලත



ක්‍රිස්ටි වෝල්ටන්
 ක්‍රිස්ටි වොල්ටෝන් හෙවත් ජෝන්ගේ වැන්දඹුව අදවනවිට ලොව සිටින ධනවත්ම කාන්තාව ලෙසද නම්දරා සිටි. ඊට අමතවර සෑම්ගේ දරුවන් 3 දෙනා සහ ක්‍රිස්ටි අදවනවිට ඇමරිකාවේ ධනවත්ම පුද්ගලයින් දසදෙනා අතරටද එක්වී තිබේ. රජයේ බදු සිදුරු තුලින් සුක්ෂම ලෙස තම ධනය ආරක්ෂා කිරීම වැනි චෝදනා මෙම පවුලට එල්ලවී ඇති නුමුදු, මොවුන්ට පසු ඇමරිකාවේ ධනවත්ම පවුල ලෙස සිටින කොච් සොහොයුරන්ට වොල්ටන් පවුල් පසුකර යාමටනම් ඇ.ඩොලර් බිලියන 92 ක පමණ වත්කම් ප්‍රමාණයක් අවශ්‍යවේ.



  ප.ලි. Walmart හි ක්‍රියාකාරකම් හේතුවෙන් එහි සේවකයින්,කුඩා ව්‍යාපාර ආදී විවිධ පාර්ශවයන්ට පැන නැගී ඇති ගැටළු පාදකකොටගෙන  නිපදවූ වාර්තාමය චිත්‍රපටය මෙම YouTube සබැඳියෙන් නරඹන්න.


2 comments:

 
 
Blogger Templates